/
/
title icon
අම්මලාගේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
අම්මලාගේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
Editor
1 year ago
Share:
අම්මලාගේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබෙනවා.

එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 154ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150ක් වන අතර පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149ක් වනවා.

අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් ලෙසයි.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 145ක් වන අතර කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එම සීමාව ලකුණු 144ක්.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

22a60b45d0baf7b0101842e4d92dc3f4.jpg
d3c6dd068f600c73e5fdd5a971670144.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required