
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම හදිසි බිඳවැටීම යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය තවත් සතියකින් පමණ විදුලිය නිෂ්පාදනය සඳහා යෙදවීමටයි අපේක්ෂා කරන්නේ.
මෙම හේතු නිසා විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුල උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරනු ඇති.
මේ අතර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය සති හයකට වසා තැබිමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩල පවසනවා.
ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු සඳහායී බලාගාරය එලෙස වසා තැබෙන්නේ.