
ජනවාරි මාසයේදී වැට් බද්ද ඉහළ නැංවීමට කටයුතු කළද, එය විදුලි බිල ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට බලනොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය ආමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ලෝක බැංකු එකඟතාවලට අනුකූලව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බදු සංශෝධනය කළද එය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, බදු ජාලය පුළුල් විධිමත් කිරීමෙන් අනතුරුව ජනතාවට ඉන් සහනයක් ලබාදීමට හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.