
ගාල්ල - කොළඹ මහා මාර්ගයට සමීපව ගාල්ල - දඩල්ලේ පිහිටි ඉහළපෙලේ සංචාරක හෝටලයක් අසලදී ඊයේ පස්වරුවේ පිය පුතු දෙපළකට වෙඩි තබා පළා ගිය පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව - හීනටිගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත්, 35 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්.
මෙම වෙඩි තැබීමෙන් එම පිය පුතු දෙපළට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ.
එම පිය පුතු දෙපළ උණවටුන - මැටරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පියා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ සමීප මිතුරෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.