
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.
ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකටයි.
නරේන්ද්‍ර මෝදි පිටියේ එක්ලක්ෂ තිස් දෙදහසක දැවැන්ත ප්‍රේක්ෂක පිරිසකට අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.
අද තරගයේදී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් විසින් මෙහෙයවනු ඇති.
ඉන්දියාව අද තරග බිමට පිවිසෙන්නේ තරගාවලියේ කිසිදු තරගයක් පරාජය නොවූ අපරාජිත කණ්ඩායම ලෙසයි.
ඉන්දියාව සිව්වැනි වතාවට අවසන් මහා තරග බිමට පිවිසෙද්දී, ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ 7 වැනි වතාවටයි.
ඉන්දියාව මීට පෙර අවස්ථා දෙකකදී ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාව අවස්ථා 5 කදී ලෝක කුසලානය හිමිකරගෙන තිබෙනවා.