
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබෙනවා.
ඊයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% ක්.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.