/
/
title icon ලොකුම සෙල්ලිපියේ පිටපත් කිරීම් අවසන්
ලොකුම සෙල්ලිපියේ පිටපත් කිරීම් අවසන්
Editor
1 year ago
Share:
ලොකුම සෙල්ලිපියේ පිටපත් කිරීම් අවසන්

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා පවසනවා.

දිගින් අඩි 50 ක් පමණ සහ උසින් අඩි නමයකින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන්.

ක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද මහතා කියා සිටියා.

සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු තනිව සිදු නොකරන බවත්, ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින් කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවද දයානන්ද මහතා පැවසුවා.

මෙම අති දුර්ලභ විශාලතම සෙල්ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත්, කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැති අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත්, ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක්, සහ පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වැඩිදුරටත් කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required