/
/
title icon
ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය
ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය
Editor
1 year ago
Share:
ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙයයි.

ශූරතාව දිනූ ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්‍යාගයක්ද, අනු ශූර ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදල් ත්‍යාගයක් ද, හිමිවුණා.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සත්කාරක ඉන්දියාව කඩුලු 6 කින් පරාජය කිරීමට සමත් වුණා.

ට්‍රැවිස් හෙඩ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 120 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත්කම් දක්වනු ලැබුවා.

ඉන්දීය පිල නියමිත පන්දුවාර පනහ තුළදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 240 ක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required