/
/
title icon
කෝටි 27 ක හෙරොයින් ගුවන්තොටේදී අල්ලයි
කෝටි 27 ක හෙරොයින් ගුවන්තොටේදී අල්ලයි
Editor
1 year ago
Share:
කෝටි 27 ක හෙරොයින් ගුවන්තොටේදී අල්ලයි

රේගු නිලධාරීන්ට "තුවා" ( Towel ) ලෙස පවසමින් රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්  පාකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය ඉකුත් 10 වැනි දින ඕමාන් ගුවන් සේවයේ  ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා ඇති බව සඳහන්.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. 

a11ce4528d0e77d6e2f99fcf2bacbcaf.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required