/
/
title icon
යුද හමුදාවේ ලොකු පුටුවක් තවමත් හිස්
යුද හමුදාවේ ලොකු පුටුවක් තවමත් හිස්
Editor
1 year ago
Share:
යුද හමුදාවේ ලොකු පුටුවක් තවමත් හිස්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය තවදුරටත් පුරප්පාඩුව පවතින බව යුද හමුදා මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරූ මේජර් ජනරාල් සංජය වනසිංහ මහතා විශ්‍රාම යෑමෙන් පසු දැනට මාස එකහමාරක කාලයක් මෙම ධුරය පුරප්පාඩුව පවතින බවයි වාර්තා වන්නේ.

යුද හමුදා පරිපාලන කටයුතුවල ඉහළම තනතුර වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් ද මතුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මේ වන විට නිලධාරියෙකුගේ නාමයක් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කිරීම සඳහා නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකළ යුතු අතර මේ දක්වාත් එම පත්කිරීම සිදුකර නොමැති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required