/
/
title icon
මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය දෙසැම්බරයේ
මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය දෙසැම්බරයේ
Editor
1 year ago
Share:
මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය දෙසැම්බරයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන දෙසැම්බර් මාසය තුළ ලබාගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ, මහ බැංකුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ, ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි.

IMF පළමු ඇගයීමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් විදේශ මුදල් ලැබීම තුළින් රජයේ අයවැය හිඟය පියවා ගැනීමට පිටුවහලක් ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩුකරමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහත දැමීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required