
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.
කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.