
කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
බටඅත නව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ගොවින්ට කෘෂි උපකරණ ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි විපක්ෂ නායකයෙක් දැක නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩවලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය ලබා නොදෙන බවට චෝදනා කළා.
කතානායකවරයාද විපක්ෂ නායකවරයා තම බලතල අයථා ලෙස භාවිත කිරීම පාලනය සඳහා පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.
මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවා.