
සීදූව - කොටුගොඩ මාර්ගයේ සුපුවත් අරණ දේවස්ථානය අසලදී අද පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට පිටුපසින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබෙනවා.
සීදූව පොලීසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තම මව සමගින් යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරු සීදූව පොලීසියේ සහය ඇතුව ප්‍රදේශවාසීන් රාගම රෝහල වෙත ගෙනගොස් ඇතුළත් කර තිබෙනවා.
තරුණයා සමග යතුරුපැදියේ ගමන් කළ මවට වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුව නැහැ.