
විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අනුව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හෙට, අනිද්දා සහ ලබන 30 වැනිදා අඛණ්ඩව රැස්වීමට නියමිතයි.
මෙසේ විභාගයට ගැනෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධ පැමිණිලිල්ල , චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල.
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායක සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ නීති විරෝධීව රත්රන් ගෙන ඒමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලයි.
අයවැය අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම පැමිණිලි හය විමර්ශන කර ඉතා කඩිනමින්ම නිර්දේශ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව බලාපොරොත්තු වනවා.
කතානායකවරයා විසින් එම නිර්දේශ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.