/
/
title icon
ඇමති රොෂාන් ක්‍රීඩාවෙන් සහ වාරිමාර්ගයෙන් දොට්ට දමයි
ඇමති රොෂාන් ක්‍රීඩාවෙන් සහ වාරිමාර්ගයෙන් දොට්ට දමයි
Editor
1 year ago
Share:
ඇමති රොෂාන් ක්‍රීඩාවෙන් සහ වාරිමාර්ගයෙන් දොට්ට දමයි

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා  යටතේ තමා වෙත පැවරුණු  බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එම රැස්වීමේ ආරම්භක අවස්ථාව  සඳහා ද රොෂාන් රණසිංහ මහතා සහභාගී වී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇමැති අනුකමිටුවක් පත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම සඳහා  දුරදිග කල්පනා කිරීමෙන් පසුව බවයි.

තමා කිසිවිටෙක  පටු දැක්මකින් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවක් පත් කිරීමේ සිට මේ දක්වා සිදු වූ සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී පුළුල් විග්‍රහයක් කර ඇති අතර අනතුරුව රොෂාන් රණසිංහ මහතා වෙත තනතුරෙන්  ඉවත් කිරීම පිළිබඳ ලිපිය බාරදී තිබෙනවා.

ඉවත් කිරීමේ ලිපිය බාර ගත් රොෂාන් රණසිංහ මහතා පවසා ඇත්තේ තමා දූෂණයට විරුද්ධ බවයි.තමා ද දූෂණයට විරුද්ධ බව එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයාට පවසා ඇති බව සඳහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා ඉකුත් නොවැම්බර් 6 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ අතර පසුව අධිකරණය විසින් එම අතුරු පාලක මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නිර්දේශ නිකුත්  කිරීමට ජනාධිපතිවරයා විසින් ද කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද අතර අදාල  සිද්ධි පදනම් කරගනිමින් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දීම ජනාධිපතිවරයා ගේ මෙන්ම රජය පාර්ශ්වයේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන විවේචනාත්මකව කරුණු දක්වනු ලැබුවා.

අවසන් වශයෙන් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙරවරුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙන්ම රජයේ ඇතැම් පාර්ශවයන් ද දැඩි විවේචනයකට ලක් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required