
දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලීසිය පවසනවා.
හදිසියේම මෙම ගින්න හටගෙන ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න නිවීම සදහා කටයුතු කරනු ලැබුවත් මහා ගිනිදැල් පාලනය කිරීම සඳහා වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ දෙකක් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද කැඳවීමට පියවර ගනු ලැබුවා.
වරින් වර ගින්න මැඩ පැවැත් වුවත් අද අලුයම වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
ගින්න හේතුවෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වන්නේ නොමැති බව සඳහන්.