
සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක්.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක් බව සඳහන්.
අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබෙනවා.