/
/
title icon
පරීක්ෂණ යන අතරමග හිටපු සුව ලේකම් ලෙඩ වෙයි
පරීක්ෂණ යන අතරමග හිටපු සුව ලේකම් ලෙඩ වෙයි
Editor
1 year ago
Share:
පරීක්ෂණ යන අතරමග හිටපු සුව ලේකම් ලෙඩ වෙයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට  ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන කරමින් සිටින අතරතුර ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී මෙලෙස රෝහල් ගතවී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කොට තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required