/
/
title icon
සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් - වෙළෙඳපොලට එන දිනය මෙන්න
සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් - වෙළෙඳපොලට එන දිනය මෙන්න
Editor
1 year ago
Share:
සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් - වෙළෙඳපොලට එන දිනය මෙන්න

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. 

දෙසැම්බර් 10ත්, 12 ත් අතර කාලයේදී වෙළෙදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බා සහල් පාලන මිලට ලංකා සතොසසමූපකාර හා සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියා. 

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සම්බා සහල් හිඟයකින් තොරව ලබා දීම සම්බ සහල් ආනයනය කිරීමේ අරමුණ බවත්, සම්බා සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. 

මේ වනවිට වෙළෙඳපොළේ සම්බා සහල් හිගයක් පවතින බවත්, ඇතැම් වෙළෙඳුන් සම්බා සහල් සඟවා ගෙන වැඩි මිලට අලෙවි කරන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. 

සම්බා සහල් කිලෝවක් අලෙවි කළ යුතු පාලන මිල රුපියල් 230 ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required