
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව ඊට අභියාචනාධිකරණයෙන් අවසර හිමිවුණා.
මෙම නඩුව ලෆාර් තහීර්, කේමා සවර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලුණා.
පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස සිදු වී ඇතැයි සඳහන් කරමින් නීතිඥවරියක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ තමන්ට කිසිඳු නොතීසියක් ලැබී නොමැති බවත් ක්‍රිකට් නඩුවට පෙනී සිටි අය මෙයට පෙනී සිටීමෙන්ම මෙහි යටි අරමුණ පැහැදිලි වන බවයි.