/
/
title icon
වව්නියාවේදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ
වව්නියාවේදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ
Editor
1 year ago
Share:
වව්නියාවේදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද සිරුරු හමු වූ බව සෙට්ටිකුලම් පොලීසිය පවසනවා. 

මෙලෙස ඝාතනය කර ඇත්තේ 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහ සහ 68 හැවිරිදි වී. කණකලක්ෂ්මි යන යුවළයි.

සෙට්ටිකුලම නගරයේ මෙම අඹුසැමි යුවල සහ ඔවුන්ගේ පුතාද එක්ව වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, වෙළඳසැල ඊයේ රාත්‍රියේ වසා දමා අද උදෑසන විවෘත කරන විට වෙළඳසැල පිටුපස නිදාසිටි සිය මව සහ පියා කුරිරු ලෙස ඝාතනය කොට සිටි බව පුතා විසින් පොලීසියට පවසා තිබෙනවා. 

සෑම දිනකම සවස් කාලයේ වෙළඳසැල වසා දමා මිය ගිය අයගේ පුතා ඔවුන්ගේ නිවසට යන අතර මව සහ පියා ‍වෙළඳසැලේ ආරක්ෂාවට එහි නිදාගන්නා බවටත් එලෙසින් ඊයේ සවස වසා දමා නිවසට ගොස් ආපසු අද උදෑසන වෙළෙඳසැල විවෘත කිරීමේදී පිටුපස සිය මව සහ පියා ඝාතනය කොට සිටි බවටද පුතා විසින් පොලීසියට වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්. 

මිය ගිය මව සහ පියා සන්තකයේ තිබූ පවුම් කට අධික රන් ආභරණද අතුරුදන් වී ඇති අතර වෙළෙඳසැල හෝ රන් ආභරණ කොල්ලකෑමට පැමිණි අයෙක් හෝ පිරිසක් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද පොලීසිය සැක පළ කරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required