/
/
title icon
දේවගැති ජෙරොම් පැය ගණනාවක් රහස් පොලීසියට ප්‍රකාශ ලබාදෙයි
දේවගැති ජෙරොම් පැය ගණනාවක් රහස් පොලීසියට ප්‍රකාශ ලබාදෙයි
Editor
1 year ago
Share:
දේවගැති ජෙරොම් පැය ගණනාවක් රහස් පොලීසියට ප්‍රකාශ ලබාදෙයි

බෞද්ධාගමට හා ආගමික   සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද පෙරවරු වේ සිට පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. 

දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ  පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අභියාචනාධිකරණය කර තිබූ නියෝගයකට අනුව ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. 

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද පෙරවරු 8.30 ට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්  වොහාරික  විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතරප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥවරයා සමග පැමිණි දේවගැතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු නොකරම ඉන් පිටව ගියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required