
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරෝතුව වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර පළතේ සහ පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිට මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරෙනවා.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක තරමක තද වැසි ඇතිවිය හැකි අතර, දකුණු පළාතේ උදය කාලයේදි වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.