
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය යාපනයේ සිට කිලෝමීටර් 330ක් පමණ ඊසාන දෙසට වන්නට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති.
මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දියිනෙන් ඉවත්ට ගමන් කරමින් පවතින අතර, හෙට දිනය වනවිට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා වන විට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරනවා.
උතුරු - උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළකුලින් බරව පවතිනු ඇති.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.