/
/
title icon
කැලණිය සරසවිය වැසේ
කැලණිය සරසවිය වැසේ
Editor
1 year ago
Share:
කැලණිය සරසවිය වැසේ

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ අද සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා. 

ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් හෙට පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බවත්, නැවත දැනුම් දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා කියා සිටියා. 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required