
ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා කොළඹ ජාතික රෝහලේදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ සුමින්ද සිරිසේන මහතා මියයන විට 75 වැනි වියේ පසුවුණා.
ඔහුගේ දේහය ගම්පහ - ශ්‍රී බෝධි පාර අංක 29/3 දරණ නිවසට රැගෙන ඒමට නියමිත බවත්, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවත් පවුලේ ඥාතීන් පවසනවා.