
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘‘මීඡවුම්‘‘ සුළි කුණාටුව ඊයේ 03 රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර 81.6° දේශාංශ ආසන්යෙ යාපනයේ සිට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති.
එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට දිනයේදී දකුණු ආන්ද්‍රා වෙරළ තිරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලා පොරොත්තු වනවා.