/
/
title icon
හෝටලයට ගෙන්වා ලිංගික අල්ලස් ගැනීමට ගිය පොලිස් නිලධාරීයාට වැඩ වරදී
හෝටලයට ගෙන්වා ලිංගික අල්ලස් ගැනීමට ගිය පොලිස් නිලධාරීයාට වැඩ වරදී
Editor
1 year ago
Share:
හෝටලයට ගෙන්වා ලිංගික අල්ලස් ගැනීමට ගිය පොලිස් නිලධාරීයාට වැඩ වරදී

ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් කල්මුණේ මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

කල්මුණේ - වරිපතනම් චේන ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබෙන නඩු කටයුත්තක දී පැමිණිලිකාරියට වාසි වන අන්දචමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා අල්ලස් වශයෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත් කිරීමේ දී කල්මුණේ හෝටලයක් තුළ දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required