
රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනන පහළ යාමක් නිරීක්ෂණය වී තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ පිළිබඳ දත්ත වාර්තාවට අනුව වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වනවා.
2014 වර්ෂයෙන් පසු සෑම වසරකම ලියාපදිංචි උපත් ප්‍රමාණය ක්‍රමිකව පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව මේ වසරේ ජුලි 01 වන දිනය දක්වා ගතවු වසර තුළ ලියාපදිංචි උපත් ප්‍රමාණය 268,920ක් දක්වා අඩුවී තිබෙනවා.
2022 වර්ෂයේ දී වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 275,321ක් වු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2021 වසරේදී එම උපත් සංඛ්‍යාව 284,848ක් ලෙස වාර්තාවී ඇති අතර 2020 දී උපත් ලක්ෂ 03 ඉක්මවා වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව මේ වසරේදී උපත් ලියාපදිංචිය පෙර වසරට සාපේක්ෂව 6,401කින් පහත වැටී ඇති අතර 2020 වසරට සාපේක්ෂව උපත් 41,786ක පහළ යාමක් වාර්තා වනවා.
ආර්ථික හා සමාජ ගැටලු, උපත් පාලන සැලසුම්, පවුල් පාලන ක්‍රමවේද, ගෝලීය වසංගත තත්ත්වයන් දරුවන් බිහි නොකිරිමේ තීරණයන්ට හේතුවී ඇති බව සමාජ විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.