
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන යු.පී ඒ.ඩී.කේ. පී කරුණානායක, ඩී.පී. චන්ද්‍රසිරි, ජී.අයි.ඩී.ආර්.විජේසිංහ, අජිත් හේසිරි, ඒ.එස්.පී.සී. වෙදමුල්ල යන මහත්වරුන් උසස් වීම් සහ ස්ථාන මාරු සඳහා යොමු කර ඇති බව සඳහන්.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස කටයුතු කළ එච්. සමුද්‍රජීව, එච්.සී.ඒ. පුෂ්පකුමාර, ඩබ්ලිව්.එස්.පී. ද සිල්වා යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත් උසස් වීම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩී.එම්.එම්.එ බී. මහගිරිඋල්ල, ආර්.ඒ.ඩී.කුමාරි, කේ .ජී.පී.බී. සමරපාල, ආර්. ජී.ඒ.බී.ගුණතිලක, පී ජී ජේ.එම්. ආරියසේන මහත්මිය, ආර්.එම්.පි එන්. රත්නායක, ආර්.ඒ.ඩී.ඊ එල්. රන්දෙනිය, එම්.ඩී.පී.දයාරත්න, ඩබ්.ඒ. සෝමරත්න, ඩී එම් එන්.සී.සෝමසිංහ යන මහත්ම මහත්මීහුද ද උසස්වීම් ලබා තිබෙනවා.