
ලංකා නැව් සංස්ථාව 2022 වසරේදී රුපියල් කෝටි 932කට වැඩි පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
ඔවුන් විසින් පසුගිය වසරේදී ලබාගත් ණය රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් කෝටි 608ක විනිමය පාඩුවක් සිදුව ඇතැයි විගණන කාර්යාලයේ වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර, සමස්ත අලාභයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේද එය බව එහි සඳහන්.
මෙම තත්වය සමනය කරගැනීම සඳහා එහි මහ සභා රැස්වීමකදී 2021 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
තවද සංස්ථාවේ ශුද්ධ වත්කම් වල වටිනාකම කෝටි හත්සිය අනූ එකක් වශයෙන් සෘණ අගයක් ගෙන තිබූ බවත් සමාගම ක්‍රියාත්මකවීමේදී භෞතික විෂය අංග පිළිබඳව අවිනිශ්චිතතාවක් පවතින බවත් වාර්තාවේ සඳහන්.
ඊට පෙර වසර හා සැසඳීමේදී එම අගය සියයට 287.65කින් පමණ වැඩිවීමක්.