/
/
title icon
ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් එක්තැන් කළ තැපැල් වර්ජනය
ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් එක්තැන් කළ තැපැල් වර්ජනය
Editor
1 year ago
Share:
ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් එක්තැන් කළ තැපැල් වර්ජනය

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති පවසනවා. 

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ  4 ක් පමණ  සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා කියා සිටියා. 

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පවරා ගැනීමනව බඳවා ගැනීම් කඩිනම් කිරීමවැටුප් වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පස්වරු 4.00සිට පැය 48 ක කාලයක් සඳහා තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා. 

වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් අද දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ අයුරු දැකගත හැකිවුණා. 

වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිමවිදුලි පණිවිඩ බෙදාහැරීමමුදල් ඇණවුම්විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුළුමනින්ම ඇණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required