
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික විදුලිබල පද්ධතියට අද දිනයේදී එක් කිරීමට කටයුතු කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බවයි.
පසුගිය සෙනසුරාදා එම විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම දින දෙකක් අක්‍රීයව පැවැති අතර දෙවැනි යන්ත්‍රය පසුගිය නොවැම්බර් මස 18 වැනිදා අක්‍රීය වුණා.