/
/
title icon
මූල්‍ය අරමුදල දෙවන වතාවටත් ශ්‍රී ලංකාව දෙස බලයි
මූල්‍ය අරමුදල දෙවන වතාවටත් ශ්‍රී ලංකාව දෙස බලයි
Editor
1 year ago
Share:
මූල්‍ය අරමුදල දෙවන වතාවටත් ශ්‍රී ලංකාව දෙස බලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව එහිදී එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව විසින් එක් නිර්නායකයක් හැර සෙසු සියලු ඉලක්ක සපුරා ඇති අතර ඔක්තෝම්බර් මාසය අවසානය වන විට එම ඉක්කයන් ද සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බව මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිසි මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක වන ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව එම අරමුදල පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required