
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇති.