/
/
title icon
සනත්ට ක්‍රිකට් තනතුරක්
සනත්ට ක්‍රිකට් තනතුරක්
Editor
1 year ago
Share:
සනත්ට ක්‍රිකට් තනතුරක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා එම තනතුරට පත් කළ බවයි.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන් සහභාගීවු තරග 9න් තරග 7ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමටත් අපොහොසත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබු එවැනි පරාජයන් සමග ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුවට මෙන්ම පරිපාලනයටද එල්ල වුණේ දැඩි විරෝධයක්.

ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වසර දෙකක කාලයක් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට පසුගියදා පියවර ගත්තා.

ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියව අද පත්කෙරුණි.

සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සමග සෘජුවම කටයුතු කරන අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනයට සහ විශ්ලේෂණයට ලක්කර පැහැදිලි හා ඵලදායී සංවර්ධන සැලැස්මක් සකර කිරීම ඔහුට පැවරෙන කාර්යයන් අතරට අයත් ය.

2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කළ මහේල ජයවර්ධනට අමතරව මෙම පත්කිරීම සිදුකළ බවටයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required