
දිවයින පුරා සිටින වනජීවී නිලධාරින් හෙට දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ වනජීවී නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
කඩිනමින් බලධාරීන් සිය ගැටළුවලට විසඳුමක් ලබාදීමට ඉදිරිපත් විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.