
ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස කුසල් මෙන්ඩිස්ද, විස්සයි විස්ස පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසනවා.
උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ රැස්වී එම තීරණයට එළඹි බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට එම තිරණය යොමු කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
ටෙස්ට් තරගාවලියක් මෑතකදී නොමැතිවීම නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත්කිරීම පසුව කරන බවයි වාර්තා වන්නේ.