
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෛද්‍ය සැපයුම් කාර්යාලය වහාම මුද්‍රා තැබීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියම කළ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිස් නිලධාරීන්ට අද දිනයේ එම කාර්යාලයේ පරීක්ෂා කොට ප්‍රශ්නගත බෙහෙත් ජාවාරමට අදාල ලේඛන සොයා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද වැඩිදුරටත් නියම කරනු ලැබුවා.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව කියමින් හදිසි මිලදීගැනීම යටතේ මෙම ඖෂධ ලබාගෙන ඇති බවත් රාජ්‍ය නිලධාරීන් අතුරින් ඉහළින්ම සිටින මෙම සැකකරුගේ නොසැලකිල්ලට එහා ගිය අපරාධකාරී තත්ත්වයක් මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී හෙළි වූ බව කියමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
සිද්ධියට අදාළව අවස්ථා කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලට බඳුන් කිරීමේන් අනතුරුව ප්‍රකාශයක් දිමට ඊයේ රහස් පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ වන විටත් බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැත්තන් මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවනවා.