
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට සිට සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගතහැකි බවත් බිත්තර දෙසැම්බර් 31 දක්වා හිඟයකින් තොරව සැපයීමට හැකියාව ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඉන්දියාවෙන් ආනයනය කළ විත්තර ලක්‍ෂ 150 ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වාහාම බිත්තර සතොසට සහ තෝරාගත් සුපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.