/
/
title icon
2,296ක් ⁣පොලීසියේ අත්අඩංගුවට
2,296ක් ⁣පොලීසියේ අත්අඩංගුවට
Editor
1 year ago
Share:
2,296ක් ⁣පොලීසියේ අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,296 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

තවත් 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක්, මාවා කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 285ක් සහ මත්පෙති 19,507ක් ද සොයා ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required