/
/
title icon
ඉන්දියාවේ ලොකු ලූනු මිල බසී - අපනයන තහනම හේතුවක්
ඉන්දියාවේ ලොකු ලූනු මිල බසී - අපනයන තහනම හේතුවක්
Editor
1 year ago
Share:
ඉන්දියාවේ ලොකු ලූනු මිල බසී - අපනයන තහනම හේතුවක්

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඉන්දීය රුපියල් 39 - 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වනවිට ඉන්දීය රුපියල් 20 - 21 අතර මිලකට පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත්, එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ලූනු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ලොකු ලූනු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ලූනු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required