/
/
title icon
සංචිත ගැන සුබ ආරංචියක්
සංචිත ගැන සුබ ආරංචියක්
Editor
1 year ago
Share:
සංචිත ගැන සුබ ආරංචියක්

මෙම වසර අවසන් වනවිට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එය මේ වසරේ බලපොරොත්තු වූ අගයට වඩා වැඩි අගයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ දළ සංචිත ශක්තිමත් වී තිබෙනවා.

මේ වසරේ දෙසැම්බර් මාසය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 787ක විදේශ විනිමයක් රජයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ද ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද දෙසැම්බර් මාසය තුළ දී රජයට ලැබී තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required