/
/
title icon
චෙක් ජනරජයේ වෙඩි තැබීමකින් 15කට දිවි අහිමි වෙයි
චෙක් ජනරජයේ වෙඩි තැබීමකින් 15කට දිවි අහිමි වෙයි
Editor
1 year ago
Share:
චෙක් ජනරජයේ වෙඩි තැබීමකින් 15කට දිවි අහිමි වෙයි

චෙක් ජනරජයේ - ප්‍රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවයි.

වෙඩි තැබීම කළේ 24 හැවිරිදි තරුණයකු බවත්, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු ද ජීවිතක්ෂයට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

වෙඩි තැබීම සිදුවූයේ ප්‍රාග් නුවර, චාල්ස් විශ්ව විද්‍යාලයේ, කලා පීඨයේයී.

ප්‍රාග් නුවර ප්‍රකට සංචාරක ස්ථාන කිහිපයක්ද ඇත්තේ මම විශ්ව විද්‍යාලය අවට බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූයේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් බව සඳහන්.

වෙඩි තැබීම කළ තරුණයා ද විශ්ව විද්‍යාලයේ සිසුවකු බව පැවසෙනවා.

වෙඩි තැබීම කර ඇත්තේ දේශනයක් පැවැත්වෙද්දී එම දේශන ශාලාවකට ඇතුළු වෙමින් බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් 24 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පොලිස්පතිවරයා පැවසූ අතර, ඔවුන්ගෙන් 9 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required