/
/
title icon
සරසවි අයදුම්පත් කැඳවයි
සරසවි අයදුම්පත් කැඳවයි
Editor
1 year ago
Share:
සරසවි අයදුම්පත් කැඳවයි

2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස නිසි ලෙස අයදුම්පත් පුරවා ඉදිරිපත් කළ යුතුයි.

කෙසේ වෙතත් මෙම අවස්තාව විශ්ව විද්‍යාල,මණ්ඩප,හා උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වා අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාටමාලා සඳහා අයදුම් කිරීමට අදාල නොවන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required