/
/
title icon
දහම් පාසල් අවසානය මේ මස අග
දහම් පාසල් අවසානය මේ මස අග
Editor
1 year ago
Share:
දහම් පාසල් අවසානය මේ මස අග

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020, 2021 සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විභාගය 2020, 2021 වෙනුවෙන් නියමිත පරිදි පැවැත්වූයේ නැහැ.

දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් එම ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required