/
/
title icon
නිවාඩුවේ මැතිසබයේ විස්සක් රට ගිහිං
නිවාඩුවේ මැතිසබයේ විස්සක් රට ගිහිං
Editor
1 year ago
Share:
නිවාඩුවේ මැතිසබයේ විස්සක් රට ගිහිං

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල  විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඉන් වැඩි පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ  සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විමසා බැලීම සඳහා බවයි වාර්තා වන්නේ.

එලෙස විදේශගත වූ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දිනවලදී දිවයිනට පැමිණ තිබුණා.

මේ අතර , නුවරඑළියේ සෙන්පති නිවෙස  මන්ත්‍රී බංගලාවේ  කාමර  මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1  වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින්  වෙන් කරගනු ලැබ අවසන් බව මන්ත්‍රී සේවා අංශය  සඳහන් කළා.

මෙම කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීන් පවසනවා.

අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු  කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.

ඒ අනුව සියලු මන්ත්‍රීවරුන්ට මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබී තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required