
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.
එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
වර්තමානයේ දී පවුල් සියයට 3.4ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් සියයට 36.6ක ආදායම නොවෙනස්ව පවතින බව වාර්තා වනවා.
ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සියයට 6.ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
මෙරට පවුල්වලින් සියයට 22ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින බවද සඳහන්.