/
/
title icon
වරාය වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී
වරාය වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී
Editor
1 year ago
Share:
වරාය වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී

වරාය තුළ අද දිනයේ ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.

2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, වරාය පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලැබූ වාරණ නියෝගයක් හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කළා.

එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පැවසුවේ, ජනවාරි මස 09 වැනි දිනෙන් පසු යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required